මෙවර වෙසක් සමරමින් කුමාර් සංගක්කාර සමගින් Happy News කොවිඞ් 19 වීරයන් සදහා පහන් හතරක් දල්වන ලෙස ආරාධනා කරයි

(කොළඹ, ලංකාපුවත්) –මෙවර වෙසක් සමරන ආකාරය කොවිඞ් 19 විසින් වෙනස් කර ඇත. ජාතියක් ලෙස මෙවර සියළු ශ‍්‍රී ලාංකිකයන් වෙසක් උත්සවය සිය පවුලේ සාමාජිකයින් සමග සිය නිවෙස්වලට වී සමරන ලදී. මෙවර වෙසක් දිනය ලොව්තුරා බුදු රජාණන්වහන්සේගේ ජීවිතය නිරූපණය කරන්නක් පමණක් නොව මෙම වසංගතයෙන් පසු නව අනාගතයක් ගොඩනැගීමේ අපේක්ෂාව සහිතව අපි ගමන් ගන්නා මාර්ගය නිරූපණය කිරීමට ද කදිම අවස්ථාවක් විය.

මෙම අරමුණ ඇතිවල Dentsu Grant සමූහය සහ ස්වර්ණවාහිණි එක්ව කරනු ලැබූ “Happy News” වැඩසටහන පසුපස සිටින කණ්ඩායම මෙවර වෙසක් සමරමින් සැමට නව බලාපොරොත්තු සහිතව ආශිර්වාදය පිරිනැමීමෙහිලා ක‍්‍රියා කරයි. මෙම රටේ ජනතාව කොවිඞ් 19 වසංගතයෙන් මුදවා ගැනීම සදහා ඉදිරියෙන් සිට සටන් කරන ජාතික වීරයන් ඇගයීම සහ ආශිර්වාද කිරීමට මෙවර වෙසක්හීදී එක්වන මෙන් ඔවුන් ආරාධනා කරයි.

මැයි මස 07 වෙනි දා විකාශනය වූ ස්වර්ණවාහිණි Live at 8 හී “Happy News” විශේෂ වෙසක් වැඩසටහනේ දී හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකලකඩුළු රකින්නා සහ පිතිිකරු වන කුමාර් සංගක්කාර, අන් අයගේ දිවි සුරැකීම සදහා තම ජීවිත අවදානම නොසළකා ක‍්‍රියා කරන ජනතාවට ගෞරවය දැක්වීම පිණිස පහන් හතරක් දල්වන මෙන් සියළුම ශ‍්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන ලදී.

කුමාර් සංගක්කාර සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් දල්වන ලද සෑම පහනක්ම දල්වනු ලැබුවේ විශේෂ අරමුණක් ඇතිව බව සන්ගක්කාර පැවසුවේ ය. පළමු පහන අපගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා කැප වී ක‍්‍රියා කරන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍යාරක්ෂක සේවකයින් වෙනුවෙන් ඔවුනට ආශිර්වාදය පතා දල්වන ලදි. අපි වෙනුවෙන් සැම දා සිය ජීවිත පරිත්‍යාගයෙන් ක‍්‍රියා කළ ත‍්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙනුවෙන් දෙවෙනි පහන දල්වන ලදි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සපයමින් සුරක්ෂිතව නිවෙස්වල රැදී සිටීමේ පහසුකම අපිට සළසා දෙමින් සියළුදෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් වෙහෙස නොබලා ක‍්‍රියා කරන ප‍්‍රධාන සේවකයින් සදහා තෙවෙනි පහන දල්වන ලදි. මෙම වසංගතයෙන් පීඩා විදින ශ‍්‍රී ලාංකිකයන් සහ සියළු ලෝක වාසීන්ගේ සුවය පතා හතරවෙනි මෙන්ම අවසාන පහන දල්වන ලදි.

තම ජීවිතය පරදුවට තබා සේවයේ නිරත වන විරුවන්ට උපහාර සහ ආශිර්වාද පිණිස පහන් හතරක් දැල්වීමට Happy News සහ සංගක්කාර සමඟ ඔබත් එක්වීමට කැමති නම්, එලෙස පහන් හතරක් දල්වා තම ෆේස්බුක් පිටුවේ upload කරන්නේනම් www.facebook.com/happynewssrilanka ලෙස ද තම ඉන්ස්ටග‍්‍රෑම්හී upload කරන්නේනම් instagram.com/happynewssl ලෙස ද සහ යූටියුබ් හී upload කරන්නේනම් www.youtube.com/happynewssrilanka ලෙස tag කර Happy News සමඟ එකතු වීමට ආරාධනා කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *