සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

(කොළඹ, ලංකාපුවත්) –කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයෙන් පසු ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාව ඒවා භාවිතයෙන් අනතුරුව වෙන් කර රැගෙන යන ආයතන වලට ලබාදිය යුතු බවයි.

වෙන් නොකර ඒවා විවිධ ස්ථාන වලට රැගෙන ගොස් දැමීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *