ඇඳිරි නීතිය කැඩූ 12,482 ට එරෙහිව නඩු

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාර්තු මස 18 වන දින සිට අද(16) උදෑසන 6.00 දක්වා වු කාලය තුළ පුද්ගලයින් 12,482 ක් සඳහා නඩු පැවරූ බව‍ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

නඩු පැවරීමවලට අදාළ දඬුවම් නියම කළ සංඛ්‍යාව 4808 කි.

එසේම ඊයේ(15) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා ගත වු පැය 24 ක කාලය තුළ පමණක් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 559 දෙනෙක් හා වාහන 205 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව මාර්තු 20 වන දින සිට අද දක්වා පුද්ගලයින් 55506 දෙනෙක් හා වාහන 15216 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *