ධනවත්ම ක්‍රීඩා තරුව ලුවිස් හැමිල්ටන්

(කොළඹ, ලංකාපුවත්) – මේ වසරේදී ෆෝමියුලා 1 තරග බිමේ 6 වැනි ශූරතාවත් දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික ලුවිස් හැමිල්ටන් එරට ධනවත්ම ක්‍රීඩා තරුව ලෙස අභිෂේක ලැබීය.

35 හැවිරිදි මේ විශිෂ්ට මෝටර් රථ ධාවකයාගේ වත්කම පසුගිය වසරේදී පවුම් මිලියන 37කින් ඉහළ ගිය අතර මේ වනවිට පවුම් මිලියන 224කට හිමිකම් කියමින් වසර 32ක ඉතිහාසයක් ඇති ලොව ධනවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් විය.

පවුම් මිලියන 170ක වත්කමක් ඇති ගොල්ෆ් ක්‍රීඩක රෝරි මැක්රෝරි එම ලැයිස්තුවට හැමිල්ටන්ගෙන් පසුව ඇතුළත් වූ එකම බ්‍රිතාන්‍ය ජාතිකයා ද විය.

මර්සිඩීස් ඒ.එම්.ජී. ෆෝමියුලා කණ්ඩායම නියෝජනය කරන ලුවිස් හැමිල්ටන් ජාත්‍යන්තර ෆෝමියුලා තරග බිමේ වඩාත්ම සාර්ථක තරගකරුවා වේ. වසර 2008දී සිය මංගල ෆෝමියුලා ශූරතාව දිනාගැනීමෙන් පසුව ඔහු ලොව පුරා විවිධ ෆෝමියුලා තරගාවලි දිග් විජය කරමින් සිය ආධිපත්‍ය පතුරුවාලීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *