ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 නාවික සෙබළුන්

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කරයි.

අනෙක් ආසාදිත තැනැත්තා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙකි.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 8 =