ශ්‍රී ලංකාවේ ඉදිකරන විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

(කොළඹ, ලංකාපුවත්) – මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කඩිනමින් ඉදිකිරීම් ඇරඹීමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය බන්දුල ගූණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ක්‍රීඩාංගන ඉදිරිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යය වෙත අදහස් දක්වමින්ය.

හෝමාගම – දියගම ප්‍රදේශයේ අක්කර 26ක භූමි ප්‍රමාණයක ඉදිකිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගණයේ පළමු අදියර යටතේ තරඟ නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් සැළසීමටත් දෙවන අදියර යටතේ විසි දහසකට ආසන පහසුකම් සැළසීමටත් නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × three =