කොරියාවේ රැකියා සඳහා නැවත පිටත්වන්නන්ට උපදෙස් මාලාවක්

(කොළඹ, ලංකාපුවත්) – තම සේවා ස්ථාන වලින් නිවාඩු ලැබ මේ වන විට මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ විදේශ රැකියා සඳහා නැවත පිටත් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ‍යේ ලියාපදිංචි කටයුතු කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරේ. එලෙස නැවත පිටත්වන්නන් සදහා උපදෙස් මාලාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇත.

v කොරියාවේ රැකියා ස්ථානවලින් නිවාඩු ලබා ලංකාවට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත එම ස්ථානයෙහිම රැකියා සඳහා පිටත්වන විට තමන්ගේ සේවා ස්ථානයේ සේවා යෝජකයා විසින් කොරියාවේදි නිරෝධායනය සිදුකරන වගකිම ගනුලබන බවට සඳහන් සහතිකයක් ලබා ගත යුතුය.

v මෙම සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝරමය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලබාගෙන එය නිසිපරිදි පුරවා EPS මධ්‍යස්ථායට යොමුකළ යුතුය.

v එසේ EPS මධ්‍යස්ථානය වෙත ලැබෙන පෝරමය, කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව නැවත කාර්යාංශය වෙත එවනු ලැබේ. එම තහවුරු ලිපිය ශ්‍රි ලංකාවේ පිහිටි කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය (HRD) ,EPS මගින් නැවත අනුමත කොට අදාළ රැකියා ලාභියාගේ Email ලිපිනයට යොමුකරනු ලැබේ. මෙම අනුමැති ලිපිය ගුවන්තොටුපළ වෙත යාමේදී ලඟ තබාගැනීම අනිවාර්ය වේ.

කාර්යාංශ ලියාපදිංචියට අවශ්‍ය ලියකියවිලි

i. කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතන (H R D) මධ්‍යස්ථානයේ තමාගේ Email ලිපිනය වෙත ලැබුන ඉහත සදහන් තහවුරු කිරිමේ ලිපියේ පිටපතක්.

ii. ගමන් බලපත්‍රයේ ජායාරුපය සහිත පිටුවේ පිටපතක්.

iii. විසා බලපත්‍රයේ පිටපතක්.

iv. කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුව රු 3456.00.

ගුවන් තොටුපලට යැමේදී අවශ්‍ය ලියවිලි

i. ඉහත තහවුරු කිරිමේ ලිපියේ පිටපතක්.

ii. ගමන් බලපත්‍රයේ පිටපත් දෙකක්.

iii. නැවත කොරියාවට ඇතුළුවීමේ වීසා කාඩ්පත (Re-entry Alien Card).

විදේශ රැකියා සදහා ලියාපදිංචි කිරිමට අදාල සෙසු නිතී රිති සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වේ. මේ පිළිබඳ වැඩිවිස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් ලබා ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *