ට්‍රම්ප්, ලෝක සෞඛ්‍ය සංවිධානය ‘චීනයේ රූකඩයක්’ ලෙස හඳුන්වයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය විසින් හසුරවනු ලබන ‘රූකඩයක්‘ ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හඳුන්වා දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට, අමෙරිකාව විසින් ලබා දෙන සහයෝගය කප්පාදු කිරීම හෝ අවලංගු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව ද ට්‍රම්ප් සදහන් කර තිබේ. ජනාධිපතිවරයා මේ බව ධවල මන්දිරයේ පැවැති හමුවකදී සදහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාව වාර්ෂිකව ඩොලර් මිලියන 450ක් ලබා දෙන බව ට්‍රම්ප් එහිදී පැවසීය.

මෙය කප්පාදු කිරීමට සැලසුම් සකස් වෙමින් පවතින්නේ “අපට නිසි ලෙස සලකනු නොලැබීම” හේතුවෙන් බව ජනාධිපතිවරයා සදහන් කර ඇත.

මේ අතර අමෙරිකානු සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් පවසා ඇත්තේ ලොවට අවශ්‍ය කරන තොරතුරු නිවැරදි වේලාවට ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වූ බවයි. ඔහු මේ බව කියා සිටියේ පසුගිය සදුදා එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සමුළුව අමතමින්ය.

එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියා ඇත්තේ වසංගතය පාලනය කිරීම පිළිබඳ ඒජන්සිය විසින් මේ පිළිබඳ සමාලෝචනය කිරීමට එකඟවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *