ක්‍රිකට් පන්දුවට ඛේටය තහනම් – දහඩිය තැවැරීමට අවසර

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වසංගතයේ අවදානම තුරන් කිරීමේ අරමුණත්, ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණත් ඇතිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිතිරිති සංශෝධනය එහි ක්‍රිකට් කමිටුව නිර්දේශ කළේය.

ඉන්දීය පිලේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේගේ ප්‍රධානත්වයෙන් යුත් අයි.සී.සී.යේ ක්‍රිකට් කමිටුව ඉදිරිපත් කළ නිර්දේශ අතර තරගය සඳහා භාවිත කරන පන්දුව සම්බන්ධව නිර්දේශය කැපී පෙනුණි.

ඛේටය මගින් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම ගැන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍ය උපදෙස් කමිටුවේ ප්‍රධානි වෛද්‍ය පීටර් හාර්කෝට් කළ දැනුම්දීමට අනුව පන්දුවේ ඔපය වැඩි කිරීමට ඛේටය තැවරීම තහනම් කිරීමට ක්‍රිකට් කමිටුව ඒකමතිකව තීරණය කළේය.

එහෙත් දහඩිය මගින් වෛරසය සම්ප්‍රේෂණය නොවන බව වෛද්‍ය කමිටුව දැනුම් දීම නිසා පන්දුවේ ඔපය වැඩි කිරීමට දහඩිය තැවරීම තහනම් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ක්‍රිකට් කමිටුවේ තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *