කොවිඩ්-19 සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නීතිගත කළ යුතු

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට හඳුන්වාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නීතිගත කිරීමේ අවශ්‍යතාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසුවේය.

වර්තමානයේ එළැඹ ඇති පශ්චාත් කොවිඩ් සමයේදී නැවත වතාවක් රෝගය රට තුළ ව්‍යාප්ත නොවීමට වග බලා ගැනීම සමස්ත ප්‍රජාවගේම වගකීමක් බවත් මේ වන විට ප්‍රජාව තුළින් වෛරසය ආසාදිතයන් වාර්තා නොවීම යහපත් කරුණක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වෛරසය ආසාදිතයන් සොයා ගැනීම සඳහා අවශ්‍ය තරම් පී.සී.ආර්. පරීක්ෂණ රජයෙන් සිදු කරන බවත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයට ලබාදීම සිදු කළත් ඔවුන් සිදු කරන සියලු පරීක්ෂණයන්හි වාර්තා වසංගත රෝග විද්‍යා අංශයට දැනුම් දිය යුතු බවත් වෛද්‍ය ජාසිංහ මහතා පැවැසුවේය.

කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය ලිහිල් කර ඇතත් අනවශ්‍ය සංචරණය සිදු නොකළ යුතු යැයි ද, නාවික හමුදාවෙන් හැර ප්‍රජාවෙන් රෝගීන් වාර්තා වීම සිදු නොවන නිසා වෛරසය ව්‍යාප්තියේ පාලනයක් පවතින බවත් ඒ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =