(කොළඹ, ලංකාපුවත්) – දකුණු සුඩානයේ උප ජනාධිපති රික් මචාර් සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වේ. ඒ අනුව ඔවුන් ස්වයං හුදකලාව මේවන විට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එසේම උප ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සදහන් වේ.
මේ වන විට දකුණු සුඩානයේ කොවිඩ් -19 රෝගීන් 236 ක් සහ මරණ 04 ක් වාර්තා වී තිබේ.
දශක ගණනාවක යුද ගැටුම් හේතුවෙන් දකුණු සුඩානයට කොරෝනා වෛරස් ආසාදියන් වැඩිවීම සමඟ කටයුතු කිරීමට නොහැකි වී ඇතැයි විශේෂඥයෝ කනස්සල්ල පළ කර සිටිති.
අප්‍රිකානු කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙනි.