ඇෆ්ගනිස්ථානය – තලේබාන් සමඟ දින තුනක සටන් විරාමයක

(කොළඹ, ලංකාපුවත්) – තලේබාන් සංවිධානය, ඇෆ්ගනිස්ථාන රජය සමඟ දින 03ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය ඉරිදා රාමසාන් උත්සවය ආරම්භ වන විට ක්‍රියාත්මක වේ.

මෑත සතිවල දී රජයේ හමුදා වලට එරෙහිව දැඩි ලෙස සටන්කාමී කණ්ඩායම විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්වල ඉහළ යාමක් සිදුව තිබේ.

කෙසේ නමුත් ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි සදහන් කර ඇත්තේ සටන් විරාම ගිවිසුමේ නියමයන්ට සිය සෙබළුන් ගරු කරන බවයි.

තෙදින සටන් විරාමය මගින් රටේ ප්‍රචණ්ඩත්වය දිගු කාලීනව අඩු කිරීමේ අපේක්ෂාවන් බලාපොරොත්තුවන බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *