නව ඉන්දීය මහ කොමසාරිස් ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාවගේ සෞඛ්‍යය, සාමය සහ සමෘද්ධිය සහ ඔවුන්ගේ මිත්‍රත්වය හා සහයෝගීතාවය සිහිපත් කරමින් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (23) උදෑසන කොළඹ පිහිටි ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වාතවත්වල නිරතවිය.

මෙහිදී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමින්වහන්සේ විසින් මහ කොමසාරිස්වරයා පිළිගැණුනි. 2017 වසරේ දී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේදී අග්‍රාමාත්‍ය මෝදිගේ පැමිණීම සිහිපත් කරමින් ඊට අදාළ ඡායාරූපද එහිදී මහ කොමසාරිස්වරයාට පෙන්වීය.

අස්සජී හිමියන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ දේශය වන ඉන්දියාවේ ඉගෙනුම ලැබූ කාලය ආදරයෙන් සිහිපත් කළ අතර දෙරට අතර ඇති බැඳීම්වල වැදගත්කම පෙන්වා දුන්නේය. මහ කොමසාරිස්වරයාට ආශීර්වාද කරමින් පිරිත් නූල් ගැට ගැසීමක් ද සිදුවිය. ශ්‍රී ලංකාව සමඟ බහුකාර්ය සබඳතා, විශේෂයෙන් ඓතිහාසික හා ගැඹුරු ශිෂ්ටාචාර, ආගමික හා සංස්කෘතික බැඳීම් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාවේ නායකත්වයේ කැපවීම මහ කොමසාරිස්වරයා එහිදී අවධාරණය කළේය.

ඉන්පසුව, මහ කොමසාරිස්වරයා පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට උපහාර දැක්වීම සඳහා ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණියේය. ප්‍රහාරයෙන් පසු පළමු වරට ශ්‍රී ලංකාවට සහ මෙම දේවස්ථානයට යෑමට අගමැති මෝදි දැක්වූ සහයෝගය සිහිපත් කරමින් මහ කොමසාරිස්වරයා දෙරටේ සාමය, ආරක්ෂාව සහ ආරක්ෂාව ඉල්ලා යාච්ඥා කිරීමක් ද සිදු කළේය.

මැයි 08 වන දින ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ඹෘෂධ සහ වෛද්‍ය භාණ්ඩ තොගයක් රැගෙන විශේෂ ගුවන් යානයකින් ඔහු පැමිණියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *