ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් ගණන 137ක් – මුළු ගණන 1319ක්

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ (26) දිනය තුළ මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 137ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1319 දක්වා ඉහළ ගොස් තිබේ.

එක් දිනක් තුළ මෙතෙක් මෙරටින් හඳුනාගත් ඉහළම රෝගීන් සංඛ්‍යාව ලෙස ද ඊයේ රෝගීන් සංඛ්‍යාව සඳහන්වේ. මීට පෙර දිනක් තුළ වැඩිම රෝගීන් ගණන ලෙස 65ක් වාර්තා වී තිබුණේ අප්‍රේල් 27 වනදාය.

එසේම සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − eighteen =