ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන මිලියන 06 ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –ලොව පුරා හඳුනා ගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 06 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය නිකුත් කළ නවතම සංඛ්‍යා වාර්තා අනුව මේවන විට ගෝලීය වශයෙන් ආසාදිතයින් 6,033,835ක් වාර්තා වී ඇත.

එසේම වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 366,891කි.

සුවය ලැබූ රෝගීන් ගණන 2,661,163ක් බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *