සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – කරුණු කිහිපයක් සැලකිල්ලට ගනිමින් සංක්‍රමණික ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීම අඛණ්ඩව සිදු කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එම පිරිස් ගෙන්වා ගැනිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ දී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණි.

ඉදිරියේදී සියලුම ගුවන් ගමන්වාර වලට පෙර පී.සී.ආර් පරික්ෂණ සිදු කිරිමේ හැකියාව විමර්ශනය කරන බවයි එහිදී අනාවරණය වි ඇත්තේ.

නැවත ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පුද්ගලයින් 42,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 21,000ක් පමණ මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයින් බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය පැවසුවේ.

දැනට ඉහල අවදානමකට ලක්ව සිටින මාලදිවයිනේ සිටින පිරිස් ගෙන්වා ගැනිම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − three =