කප්රුක සිය පාරිභෝගිකයින් සමග එක්ව අසිරිමත් වෙසක් උත්සවය බැතියෙන් සමරයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ සේවාව වන කප්රුක කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් නිවෙස්වලට වී සිටින සිය පාරිභෝගිකයින් සමග එක්වෙමින් බෞද්ධයන්ගේ ප්‍රධානතම පොහෝදිනය වන අසිරිමත් වෙසක් උත්සවය බැතියෙන් සමරනු වස් විශේෂ වැඩසටහනක් පසුගියදා දියත් කරන ලදි.

කප්රුක වෙතින් භාණ්ඩ වර්ග ඇණවුම් කිරීමේදී පාරිභෝගිකයා ඉල්ලුම් කල භාණ්ඩ සමග වෙසක් කූඩු දෙකක් නිර්මාණය කිරීම සඳා අවශ්‍ය බට පතුරු , සව් කඩදාසි, මැලියම් යන ද්‍රව්‍ය ඔවුන් වෙත නොමිලේ ලබා දුන් අතර වෙසක් දිනට පෙර පාරි‍බෝගිකයින් විසින් සදා නිම කරන වෙසක් කූඩු දෙකින් එකක් කප්රුක සේවා කණ්ඩායම විසින් එකතු කර ගන්නා ලදි.

සෞඛ්‍ය හේතු මත මෙවර සියලු ආගමික වතාවත් නිවසට සීමා වූ බැවින් පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන් විසින් සාදනු ලැබූ වෙසක් කූඩු සියල්ලම ගංගාරාම විහරස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට කප්රුක ආයතනය පියවර ගන්නා ලදි. මේ සියලු වෙසක් කූඩුවකම කෝවිඩ් වසංගතය දුරු කිරීමට අදාල ආශිර්වාදාත්මක වැකිවලින් නිර්මිත විය. සෞඛ්‍ය අංශයන් විසින් නිර්දේශ කර ඇති සියලු නියාමනයන්ට අනුගත වෙමින් වෙසක් කූඩු සඳහා අමුද්‍රව්‍ය සැපයීම, නිවෙස් වෙත ගොස් එම කූඩු එකතු කර ගැනීම සහ ගංගාරාම විහරස්ථානයේ ප්‍රදර්ශනය කිරීම සිදු විය. මෙම මාහැඟි කටයුත්ත සඳහා ආගම් බේදයකින් තොරව පාරිභෝගියින් විශාල පිරිසක් දායක වූ අතර කෝවිඩ් වසංගතය හැකි ඉක්මනින් මිහිතලයෙන් දුරු වේවා යන්න සියලු දෙනාගේ ඒකායන පැතුම විය.

කෝවිඩ් 19 වසංගතයට ශ්‍රී ලංකාව නතු වූ අවස්තාවේ සිට කප්රුක කණ්ඩායම විවිධ අයුරින් සිය දායකත්වය තම පාරිබෝගිකයින්ට හා පොදුවේ ප්‍රජාව වෙත ලබා දුන් අතර බොදු ජනතාවගේ ප්‍රමුඛතම ආගමික උත්සවය සීමාකම් මධ්‍යයේ හෝ සිදු කිරීම සඳහා මෙම වැඩසටහන යටතේ සිය පාරිබෝගිකයින්ට අවස්තාව ලබා දීම සැබවින්ම ප්‍රශංසාවට ලක් විය යුතු කරුණකි.

පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා පාරිභෝගිකයින් වෙත භාණ්ඩ අලෙවියෙහි නිරත වන කප්රුක ආයතනය අන්තර්ජාල වානිජ කටයුතු අතර පුරෝගාමී සමාගම වේ. දැනට සන්නාම 300කට අදාළ භාණ්ඩ වර්ග 125,000ක් පමණ කප්රුක ඔස්සේ මිලදී ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *