යළි ප්‍රහාරයක් ඇති නොවෙන්න කටයුතු කළ යුතුයි – ආරක්‍ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය වැන්නක් යළි ඇති නොවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකියාව ඇති බව ඔහු පැවසීය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ(29) විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වුණි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්වරයා මේබව කියා සිටියේය.

විශේෂ කාර්ය බලකාය, නීතිය ක්‍රියාත්මක කිරීමේ අධිකාරියක් ලෙස පමණක් නොව සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමේ පුහුණු බලකායක් ලෙස ද එයට හැකියාව ඇති බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *