CNN මාධ්‍යවේදියෙක් සජීව ඉදිරිපත් කිරීමකදී අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – නිරායුධ කළු ජාතිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් අමෙරිකාවේ මිනිසෝටා ප්‍රාන්ත පොලිසියට එරෙහිව පැවැති විරෝධතාවක් ආවරණය කරමින් සිටි සීඑන්එන් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ඕමාර් ජිමිනෙස් නැමැති වාර්තාකරුවෙක් මෙලෙස පසුගිය සිකුරාදා අලුයම සජීව ඉදිරිපත් කිරීමක් සිදු කරන අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඔහුගේ කැමරා ශිල්පියා සහ නිෂ්පාදකවරයාවද පොලිසිය විසින් රඳවා ගෙන ඇති බව සදහන්වේ.

කෙසේ නමුත් ඔවුන් කිසිදු චෝදනාවකින් තොරව නිදහස් කර ඇත.

මිනිසෝටා ආණ්ඩුකාර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ටිම් වෝල්ස් සමාව අයැද ඇති අතර මෙය “පිළිගත නොහැකි” සිදුවීමක් ලෙස ද සදහන් කර තිබේ.

මේ අතර සීඑන්එන් ආයතනය පවසා ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී එකක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *