මහා සංඝරත්නයෙන් ජනතාවට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – එළඹෙන පොසොන් පොහොය දිනයේද රජය සහ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙස මහා සංඝරත්නය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජාතික පොසොන් උත්සවය අනුරාධපුරය, මිහින්තලේ පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ද සීමිත පිරිසක් සහභාගී කරවා ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි බුද්ධ ශාසන අමාත්‍යාංශය සඳහන් කළේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්යි වෙඩරුවේ උපාලි හිමියන් මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 7 =