මෙරට මුළු ආසාදිතයින් ගණන 1749ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –ඊයේ(03) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1749 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී කොරෝනා රෝගීන් 66 දෙනෙක් වාර්තා වී ඇති බව සදහන්වේ.

එසේම ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් 31දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 902 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර පුද්ගලයින් 836 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගෙන් 802කු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉන් 424 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − fourteen =