ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් යළි ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් පසුගිය 02වනදා ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ඇතුළු පුහුණුකරුවන් සිව්දෙනෙකුගේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන දින 12ක පළමු නේවාසික පුහුණු වැඩසටහනට ක්‍රීඩකයන් 13 දෙනෙකු එක්ව සිටියි.

එම පුහුණු වැඩසටහනට අනුව අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොළඹ CCC ක්‍රීඩාංගණයේදී සිය පුහුණුවීම් ආරම්භ කළේ නිරෝධායන නීති රෙගුලාසි වලට අනුවයි.

වේගපන්දු යවන්නන් 6ක් සහ දඟ පන්දු යවන්නන් 3දෙනෙක් එක්ව සිටින අතර ධනුෂ්ක ගුණතිලක සහ කුසල් ජනිත්,දිමුත් කරුණාරත්නද මෙම පුහුණු වැඩසටහනට එක්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 1 =