ලොව පුරා කොරෝනා ආසාදිතයින් හැටපන්ලක්ෂය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) – සමස්ත ගෝලීය කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් ගණන මේ වන විට හැටපන්ලක්ෂ හැට හත්දහස ඉක්මවා ගොස් තිබේ.

එසේම වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ අසූ හත්දහසකට අධිකය.

ඉකුත් පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. එම සංඛ්‍යාව 1,269කි. එම කාලසීමාව තුළ එරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 27,312ක් වේ.

මේ අනුව මින් පෙර කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ අමෙරිකාව පසු කරමින් බ්‍රසීලය කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම බලපෑමට ලක්ව ඇති රට බවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *