එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය IPL සත්කාරකත්වය ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – 13වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සදහා සත්කාරකත්වය ලබා දීමට කැමැත්තෙන් පසුවන බව එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සෙනසුරාදා සදහන් කර සිටියේය.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් මණ්ඩලය අයිපීඑල් සත්කාරකත්වය සැපයිය හැකි බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති ‘ගල්ෆ් නිවුස්’ හි වාර්තාවක දැක්වේ.

මීට පෙර වාර්තා වූයේ අයිපීඑල් සත්කාරක අයිතිය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බවය.

අයිපීඑල් 2020 මේ වසරේ මාර්තු 29 සිට අපේ‍්‍රල් 15 දක්වා පැවැත්වීමට නියමිතව තිබුනද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීමට සිදුවිය‍.

කෙසේ නමුත් මේවන විට වාර්තාවන තොරතුරු අනුව තරගාවලිය සැප්තැම්බර් 25 සිට නොවැම්බර් 01වනදා දක්වා පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අවධානය යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *