ව්‍යාජ ලියකියවිලි සිද්ධියක් සම්බන්ධයෙන් ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේ දී සිරදඞුවම්

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ ලියකියවිල් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුට සිංගප්පූරුවේ දී සිර දඩුවම් නියම කර ඇතැයි ද ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

21 හැවිරිදි පුෂ්පරාජ් කපිල් හා 32 හැවිරිදි රාමචන්ද්‍රන් ක්‍රිසෝ ප්‍රෂාඩ් නැමැති දෙදෙනාට මාස අට බැගින් සිරදඞුවම් නියම කර ඇති බව සදහන්වේ.

ව්‍යාජ සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ සිංගප්පූරු හැදුනුම්පතක් ළග තබාගැනීමේ චෝදනා මත එක් පුද්ගලයෙකු පසුගිය පෙබරවාරි 29 වන දින සිංගප්පූරුවේ ටුවාස් මුරපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට ආධාර අනුබලදීමේ චෝදනාව මතය.

මොවුන් සරණාගතභාවය සදහා කැනඩාවට යාමට මෙලෙස ව්‍යාජ ලියකියවිලි සකස් කර ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ව්‍යාජ ලියකියවිල් සකස් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරුවන් වූ අදාළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මාස 08ක සිරදඞුවමක් ලබාදී ඇති බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *