ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම කොමිසමේ අරමුණයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මැතිවරණය කඩිනමින් පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට සහාය ලබා දීම මැතිවරණ කොමිසමේ අරමුණ බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(07) පැවැසීය.

කොරෝනා තත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමේ දී වෙනදා මැතිවරණයකට යන විදයමට වඩා මුදලක් වැයවන බවත් ඒ සඳහා යම් නිගමනයකට පැමිණීමට පෙරහුරු ඡන්දය භාවිත කිරීමක් සිදු කළ බව ද දේශප්‍රිය මහතා කියා සිටියේ ය.

පවතින කොවිඩ් 19 වසංගතය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සෞඛ්‍ය නීති පිළිපදිමින් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ පෙරහුරු මැතිවරණයක් ඊයේ (07) දා පෙරවරු 7 සිට දහවල් 12 දක්වා කාලය තුළ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අතිරේක මැතිවරණ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සහකාර මැතිවරණ කොමසාරිස් රසික පිරිස් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකරාම විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්විණි.

මැතිවරණය පැවැත්විමේ දී සෞඛ්‍ය නිති උපදෙස් වලට අනුගත වෙමින් ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලු හඳුනා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මේ සඳහා ඡන්දායකයන් ලෙස ප්‍රදේශයේ ජනතාව 200කට ආසන්න පිරිසක් යොදවා ගත් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යමින් ආරක්‍ෂිත මුඛ ආවරණ හා විෂබීජහරණ භාවිත කරමින් ජාතික හැදුනුම්පත් අතින් ස්පර්ශ නොකරමින් යනාදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම අනුගමණය කර මෙම පෙරහුරු මැතිවරණ වැඩසටහන ක්‍රියාත්මක විය.

එහිදි ඡන්දය ප්‍රකාශ කිරිමේදී අතැගිලි තීන්ත සටහන් යෙදීම අතින් ස්පර්ශ නොකර කොට්න් බට් භාවිත කරන ලද අතර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද දෑත් විෂබීජ හරණය කිරිම ද සිදුකෙරෙණි. අදාළ ඡන්ද විමසීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අද දින මෙම පෙරහුරු වැඩසටහන ක්‍රිියාත්මක කළේ පවතින දරාගත හැකි සාමාන්‍ය තත්වය යටතේ ජන්දය විමසීම පැවැත්විය හැක්කේ කේසේද යන්නත් අප මේ තුළින් ව්‍යසනය යළි පැතිරිම වළක්වා ගැනිමේ අරමුණ ද ඇතිවයි.

මේ පෙරහුරු පරික්‍ෂාවේ දි අද දින පැයකට ජන්ද 100 වැනි ප්‍රමාණයක් වැටුණා. එහිදි පැය 9කට ජන්ද 900ක් වැනි ප්‍රමාණයක් එක පෝලිමක දී ජන්ද දායකයින්ගේ පැමිණිම තිබුණොත්.

ඉදිරියේදි අනෙකුත් දිස්ත්‍රික්කවලදි ද මෙපරිද්දෙන් පෙරහුරු වැඩසටහන් පැවැත්විමට බලාපොරොත්තු වෙනවා. ඒ ඒ ප්‍රදේශවල පහසුකම් අනුව. මේ හැම පියවරකින්ම බලාපොරොත්තු වෙන්නේ ජන්දය පැවැත්විමට හැකි වන ආකාරයේ ක්‍රීයාමාර්ග ගැනිමට ක්‍රමවේදයක් සුදානම් කිරිමට. අද බලනවිට බරපතල ගැටලු තත්වයක් නැහැ. නමුත් මෙය සාමාන්‍යකරණය කරන්නත් බැහැ. එයට හේතුව සෑම ජන්ද මධ්‍යස්ථානයකම එක හා සමාන පහසුකම් නොවන නිසාවෙන්.

ඒ වගේම අත් සේදුම් කටයුතු සදහා අමතර සේවකයින් පහලොස් දහසක ප්‍රමාණයක් ගැනිමට සිදුවෙනවා. ඒ විතරක් නොවෙයි විෂබිජ නාශක, මුඛ ආවරණ, මුව ආවරණ අවශ්‍ය නිලධාරින් සදහා ලබාදිය යුතුයි.

මේ සියල්ලටම අමතර මුදල් අවශ්‍යයි. නමුත් ජන්දය පැවැත්විය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය මිළෙන් අධිකයි. මේ ජනතාවගේ මුදල් නිසා මේ සෑම යන වියදමක්ම පරික්‍ෂා කර බැලිය යුතුයි. මිට පෙර ජන්දයට යන වියදම රුපියල් මිලියන 600 ත් 700 ත් වෙයි කියා නමුත් දැන් ඒක හරියට කියන්න බැහැ. තව සුමාන දෙකකින් තමයි හරියට ගනනය කරන්න වෙන්නේ.

ඒ වගේම නිලධාරින් පාලනය වන රටක් තාවකාලිකව පැවතුණහොත් ඒකාධිපතිවාදයට යනවා. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා එය වලක්වා ගැනිමට මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍යයි.

මේ ජන්දය පැවැත්විමෙන් පසු කොවිඞ් 19 ව්‍යසන තත්වය යළි ව්‍යාප්ත වුණා කියනදේ අහන්න සිදුනොවන ලෙස අපි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. 2021 දි අර අතුරුදහන්ව තිබෙන පළාත් සභා ජන්දය පවත්වන්න සිදුවෙන්නෙත් මේ ආකාරයටයි. ඒ වගේම සියයට සියයක් මේ තත්ත්වය පාලනය වුණා කියා හිතන්නත් එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *