මිනියාපොලිස් හි පිහිටි පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කරයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ මිනියාපොලිස් නගර ප්‍රාදේශීය පොලිස් දෙපාර්තමේන්තුව යම් ප්‍රතිව්‍යූහගත කිරීමකට සූදානම් වේ.

ඒ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතන සිද්ධියත් සමඟ බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

මිනියාපොලිස් නගරයේ මන්ත්‍රිවරුන් 13 දෙනාගෙන් නව දෙනෙක් කියා සිටියේ ජාතිවාදය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ල වී ඇති නගරයක “මහජන ආරක්ෂාව පිළිබඳ නව ආකෘතියක්” නිර්මාණය කරන බවයි. කෙසේ නමුත් එහි නගරාධිපති ජේකබ් ෆ්‍රේ මීට පෙර මෙම ක්‍රියාවට විරුද්ධ වී තිබුනි.

පොලිස් අත්අඩංගුවට පත් වීමේ දී සිදු වූ කළු ජාතික ෆ්ලොයිඩ්ගේ මරණය, සම්බන්ධයෙන් ජාතිවාදයට හා පොලිසියට එරෙහිව මහජන විරෝධතා අමෙරිකාව පුරා පසුගිය කාලයේ උත්සන්න විය. කෙසේ නමුත් මේ වන විට නොසන්සුන්තාවය සමනය වීමට පටන් ගැනීමත් සමඟ රට පුරා ආරක්ෂක පියවර ඉරිදා ඉවත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *