සුරක්ෂා සිසු රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව

(කොළඹ, ලංකාපුවත්) – සුරක්ෂා සිසු රක්ෂණය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

රජයේ සියලුම පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම රක්ෂණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

ඒ අනුව මෙතෙක් ප්‍රතිලාභ සදහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති ප්‍රතිලාභ අපේක්ෂකයින් නිවැරදිව සම්පූර්ණ කරන ලද අයඳුම්පත් අදාළ කලාප අධ්‍යාපන කාර්යාල වෙත හෝ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතුය.

සුරක්ෂා සිසු රක්ෂණය පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීම සදහා 0112 78 41 63 හෝ 0112 78 48 72 හෝ 0113 641 555 යන දුරකථන අංක මඟින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *