ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතා සරළ මට්ටමින්

(කොළඹ, ලංකාපුවත්) – ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතා සරළව සංවිධාන කරන බව සංවිධායකයින් පවසයි.

ටෝකියෝ ඔලිම්පික් 2020 සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ පැවසුවේ ඔලිම්පික් උළෙල අති උත්කර්ෂවත් අන්දමින් සිදු නොකරන බවයි. ඒ අනුව අලංකාර අංග රැසක් ඉන් ඉවත් කරන බව සදහන් වේ.

ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල ලබන වසරේ ජුලි මාසය දක්වා කල් දැමුණි.

සංවිධායකයින් පැවසුවේ නැවත සැලසුම් කරන ලද ක්‍රීඩා සඳහා වන වියදම් සරල කිරීම සහ අඩු කිරීම සඳහා අදහස් 200 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

එසේම යම් හෙයකින් ලබන වසරේදී පැවැත්වීමට නොහැකි වුවහොත් ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කරන බව ජපානය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *