යුනිසෙෆ් සහායෙන් ප්‍රධාන රෝහල්වල කොවිඩ්-19 නිරෝධායන හා ප්‍රතිකාර ඒකක

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් කොරෝනා වයිරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීම සඳහා මේවනවිට දරමින් සිටින පරිශ්‍රමයන්හි කොටසක් ලෙස දිවයිනේ විශේෂඥ රෝහල් තුනක කොවිඩ්-19 නිරෝධායන ඒකක අලූත්වැඩියා කිරීම සඳහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට සහාය විය.

මෙම නිරෝධායන ඒකක පිහිටුවන ලද්දේ රිජ්වේ ආර්යා ළමාරෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ මිනුවන්ගොඩ මූලික රෝහල තුළ ය. කොවිඩ්-19 රෝගීන් නිරෝධායනය කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් සිදුකළ කඩිනම් තක්සේරුවක කොටසක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම රෝහල් හඳුනාගන්නා ලදි.

යුනිසෙෆ් සංවිධානය තාක්ෂණික විශේෂඥතාවෙන් දායක වූ අතර රුපියල් මිලියන 5කට සන්න අරමුදල්කරණය ජපාන රජයෙන් සිදුවිය. ඉදිකිරීම් විශේෂඥතාව සහ අලූත්වැඩියාව සඳහා ශ්‍රමය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්පාදනය කෙරිණ.

මෙම වැඩකටයුතු අතරට ඇතුළත් වූයේ පවත්නා රෝහල් අවකාශ අලූත් වැඩියා කිරීම සහ ශ්වසන ආධාරක හා ධ්වනි පද්ධති සවිකිරීම, ආසාදනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂාව සඳහා ජලය හා සනීපාරක්ෂක පහසුකම් සම්පාදනය කිරීම, සමාජ දූරස්ථ භාවය පිළිබඳ අවශ්‍යතාවන්ට අනුකූලව සැලැස්මක් ස්ථාපිත කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + sixteen =