ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය, මවගේ සිරුර අසල තැන්පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – කළු ජාතික අමෙරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දේහය හූස්ටන් අනුස්මරණ උද්‍යානයේ ඇති ඔහුගේ මවගේ සිරුර අසල පසුගියදා (09) තැන්පත් කෙරිණි.

වමංගල්‍ය උත්සව අවස්ථාවේ කතා කළ ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක වන බෘෘක් විලියම් ප්‍රකාශ කළේ කළු ජාතිකයන්ට අසාධාරණයක් සිදු වන ලෙස සකසා ඇති නීති වෙනස් විය යුතු බවයි.

අවමංගල දේව මෙහෙය දේශපාලනඥයන් සහ ප්‍රභූ කලාකරුවන් ආදී 500කට සීමා වූ පිරිසකගේ සහභාගීත්වයෙන් ෆවුන්ටන් ඔෆ් ප්‍රේස් දෙව්මැදුරේදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *