සුනිල් ජයවර්ධන ඝාතනයට සැක 08ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයින් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.

ඊයේ (10) සවස 6.20 ට පමණ 119 දුරකථනයෙන් අංකයට මිරිහාන පොලීසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ෆිනෑන්ස් ආයතනයක් ඉදිරිපිට දී එම ආයතනයේ සේවකයින් පිරිසක් සමඟ පිටස්තර පුද්ගලයින් දෙනෙකු ගැටුමක් ඇති කර ගත් බව වාර්තා වී තිබේ.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ආදළ ගැටුමෙන් තුවාල ලැබු මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *