ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව හා ආකර්ෂණීය නිමාව විදහා දක්වමින්, Vivo V19 වෙළෙඳ පොළට නිකුත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ නවතම ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන vivo, සෙල්ෆි ඡායාරූපකරණය සඳහාම වැදගත් වන අද්විතීය විශේෂාංග රැසකින් අනූන නවතමV19 ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳ පොළට හඳුන්වා දුනි.

සෙල්ෆි හැකියාව විදහා දක්වමින්, නවතම තාක්ෂණය හා අලංකාර නිමාව කැටි කරමින් නිකුත් වී ඇති V19 ස්මාර්ට් ජංගම දුරකතනය, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට නව්‍යතම, සැබෑ ජංගම දුරකතන අත්දැකීමක් ගෙන දෙන්නට සමත් වෙයි. ඒ ඉදිරිපස 32MP කැමරාව හා 8MP super wide-angle කැමරාව යන ද්විත්ව කැමරා සමගින්, SuperAMOLED FHDiView Display ඇතුළත්ව තවත් අද්විතීය විශේෂාංග රැසක් එහි අන්තර්ගත වන බැවිනි.

“පාරිභෝගිකයින් සිතුවිලි අතින් පවා නව්‍යකරණය කිරීමට vivo කැප වී සිටින අතර, පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ අපගේ ගැඹුරු අවබෝධය මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය මගින් විදහා දක්වනවා. ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි තාක්ෂණය සමගින්, අලංකාර නිමාව හා විශිෂ්ටතම ක්‍රියාකාරිත්වය සහිත V19 ස්මාර්ට් ජංගම දුරකතනය, කැමරා හා අනෙකුත් විනෝදාස්වාද විශේෂාංග පිළිබඳ සැලකිල්ලක් දක්වන යොවුන් පාරිභෝගිකයින් හට කදිමට ගැලපෙනවා.” vivo මොබයිල් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑංමහතාසඳහන් කළේය. “V19 යනු යොවුන් පාරිභෝගිකයින්ගේ ජීවන රටාවට ආශිර්වාදයක් වන ස්මාර්ට් ජංගම දුරකතන ප්‍රවණතාවක්.”Vivo V19 රාත්‍රී කාලයේ සෙල්ෆි ඡායාරූප කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වමින් කැමරා සැකසුම් හි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.

විශිෂ්ටතම කැමරා තාක්ෂණය අලංකාර සෙල්ෆි ඡායාරූප ගැනීම හැකියාව සලසයි

V19ස්මාර්ට් ජංගම දුරකතනය ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත වේ. එහි 32MP ඉදිරිපස ප්‍රධාන කැමරාව හා 8MPsuper wide-angle කැමරාව කුමන ස්ථානයක, කුමන වේලාවක වුවද, පාරිභෝගිකයින් හට ඔවුන්ගේ හොඳම සෙල්ෆි ඡායාරූපය ගැනීමට සහය වෙයි. එමගින් අව්‍යාජ විස්මයජනක ඡායාරූප ගත කිරීමකට, පෙරබිම හා පසුබිමසකසමින්,wide-angleවිකෘති කිරීම් නිවැරදි කළ හැකි අභ්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්‍රමවේදයක් (AI algorithm) ඇතුළත් බැවින්, ඉදිරිපස කැමරාව මගින් අංශක 105 ක් දක්වා wide-angleසෙල්ෆි ඡායාරූප ගත හැකි වීම විශේෂත්වයකි. එමෙන්ම, wide-angle සහිත සෙල්ෆි වීඩියෝ සඳහා නව මට්ටමේ ස්ථාවරත්වයක් ගෙන එමින්, ඉදිරිපස කැමරාව Ultra Stable සෙල්ෆි වීඩියෝ විශේෂාංගයෙන්ද සමන්විත වී තිබේ.

V19 ස්මාර්ට් ජංගම දුරකතනය අසාමාන්‍ය ඡායාරූප හැකියාවෙන් බල සම්පන්න කරමින්, මෙම උපාංගයෙහි පිටුපස 48MP ප්‍රධාන කැමරාව හා 8MPsuper wide-angle කැමරාවද 2MP macro කැමරාව හා 2MP bokeh කැමරාවද යන සිවු වැදෑරුම් කැමරා ඇතුළත් ව තිබේ. Ultra Stableවීඩියෝ විශේෂාංගය හා AI image සමගින්, පාරිභෝගිකයින් හට වෘත්තීමය, එහෙත් ඉතා පහසු වීඩියෝ සංස්කරණයක් සඳහා AI Video Filters, AI Video Editorහා AI Image Mattingආදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇතුළත් වීඩියෝ විශේෂාංග රැසක්ද V19 හි අන්තර්ගතය.

ඉදිරිපස හා පිටුපස කැමරා ද්විත්වයම, රාත්‍රී කාලයේ ඇදහිය නොහැකි අන්දමේ විස්මිත ඡායාරූප සඳහා ඉවහල් වන විශේෂිත ක්‍රමවේදවලින් සමන්විතව තිබේ. Layer-Based අලංකරණය, Spatial MergingDenoising හා Multiple Exposureසමග ඉදිරිපස සෙල්ෆි කැමරාවේ Super Night Selfie mode මගින් රාත්‍රී නගර අහසේ හෝ ගම්බද තරු පිරි අහසේ පසුබිමක පැහැදිලි හා අලංකාර සෙල්ෆි ඡායාරූප ගැනීමට පරිශිලකයින්ට ඉඩ සලසයි.

පසුපස කැමරාවේ Super Night Portrait modeහි ඇතුළත් Multi-Frame Screening, Temporal Alignmentසහ Spatial MergingDenoising ආදී පහසුකම් සමගින්, පරිශීලකයින් හට රාත්‍රි කාලයේ පවා ජීවිතයේ සෑම අරුම පුදුම සිදුවීමකමhigh-resolutionඡායාරූප ලබා ගැනීමේ හැකියාව මෙමගින් පවතී.

සුවිශේෂී ශෛලියක් සඳහා නව්‍යතම තිරයසහ නිමාව

V19 ස්මාර්ට් ජංගම දුරකතනකය, අඟල් 6.44 ක SuperAMOLED FHD + iViewතිරයකින් සමන්විත වන අතර, සුපිරි E3OLED වලින් සාදා ඇති එය DCI-P3 වර්ණසියල්ල සඳහා ප්‍රශස්ත සහයක් දක්වයි. දුරකතන තිරයෙහි දීප්තිය, එක් එක් ආලෝක මට්ටම්වලට ගැලපෙන පරිදි ස්වයංක්‍රීයව සැකසෙන අතර, E2OLEDට වඩා සියයට 42 ක් වැඩි ඇසට හානිකර නිල් ආලෝකය, පෙරහන් කර, ඇසට හිතකර භාවිතයකට පරිශීලකයින් හට ඉඩ සලසයි.

V19 නිර්මාණය කර ඇත්තේ, සුවපහසුව සහ මෝස්තරය යන දෙකම සලකා වන අතර එය පරිශීලකයින් කේන්ද්‍ර කරගත් නිමවුමක් සඳහා vivo හි කැපවීම විදහා දක්වයි. එහි ඉතා අනර්ඝ Corning Gorilla Glass 6 නිමාව මගින් උපාංගයට අලංකාරත්වයක් සහ නවීනත්වයක් එක් කරන අතරම, කාර්යක්ෂමව නිර්මාණය කරන ලද 3D curves සහිත V19 ස්මාර්ට් ජංගම දුරකතනයෙහි බාහිර නිමාව හේතුවෙන්, උපාංගය පරිශීලකයින්ගේ අත්ලෙහි පහසුවෙන් රඳවා ගැනීමට මනාව ඉවහල් වේ.

විශිෂ්ට ක්‍රියාකාරිත්වය දවස පුරා භාවිතයට පාරිභෝගිකයින් බල ගන්වයි.

ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සෙල්ෆි හැකියාව සහ නිමාව ඇති සුසිනිඳු මෝස්තරයට අමතරව V19 ස්මාර්ට් ජංගම දුරකතනයෙහි විශිෂ්ටතම ක්‍රියාකාරිත්වයක් හා ඉහළම බැටරි කාර්යක්ෂමතාවයක් පවතී. කාර්ය බහුල පාරිභෝගිකයින් හට පහසුව සලසමින්, 33W vivo FlashCharge2.0 තාක්‍ෂණය රැගත් මෙහි බැටරිය මිනිත්තු 30 තුළ 54% ක් දක්වා ආරෝපණය කර ගත හැකි අතර, සුපිරි ධාරිතාවයකින් යුත් 4500mAhබැටරිය කල් පැවැත්ම අතින්ද ඉතා ඉහළය.

Qualcomm Snapdragon octa-core 712 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙනV19 උපාංගයෙහි වේගවත් අන්තර් මුහුණත් හුවමාරුවක් මෙන්ම ඉහළම පරිගණකමය ක්‍රියාකාරිත්වයක් පවතී. AI-poweredප්‍රොසෙසරය උපාංගයෙහි කැමරා සඳහා ඉහළ බල වැයවීමකටද ඉඩකඩ සලසයි. දීර්ඝ CPU ආයු කාලයක්, වඩා විශ්වාසදායී දුරකතන ක්‍රියාකාරිත්වයක් හා සුමට බහු – කාර්ය හැකියාවක් සහතික කරමින් එයcopper tube liquid coolingසමගින්නිමවා තිබේ. එමෙන්ම, V19 ස්මාර්ට් ජංගම දුරකතනය8GB RAMහා 128GB ROMවලින් සමන්විත වන අතර පරිශීලකයින්ට කාර්යාල කටයුතු කිරීමට,‍විවේකය ගත කිරීමට සහ ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය විශේෂාංග සියල්ල එතුළ ගබඩා කිරීමට ඉඩ සලසා තිබේ.

එමෙන්ම, මෙම නවතම V19 ස්මාර්ට් ජංගම දුරකතනය, වීඩියෝ ක්‍රීඩාවෙහි නිරත පරිශීලකයින්ට කදිම උපාංගයකි. වීඩියෝ ක්‍රීඩාවේදී, touch control හා FPS ස්ථායිතාව සඳහා ඉවහල් වන Multi-turbo 3.0 වලින් උපාංගය සමන්විත වේ. විශිෂ්ට වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් සඳහා Fast Screen Capture, Screen Recording සහ Game Vibration වැනි ක්‍රියාකාරිත්වයන් ඇතුළත් Ultra Game Mode විශේෂාංගයද, V19 ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් හට වඩාත් උසස් වීඩියෝ ක්‍රීඩා අත්දැකීමක් ගෙන දීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

මෙම නවතම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ශ්‍රී ලංකාවේ දී, Gleam Black සහ Sleek Silver පැහැයන්ගෙන්යුතුව රුපියල්77,990වැනි මිලකට මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *