තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි – සුවය ලැබූ මුළු ගණන 1371ක් දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – අද (16) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 29 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1371 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 16 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1905 දක්වා ඉහළ ගියේය. ඉන් හය දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *