HCL තාක්ෂණික සමාගම ලංකාවේ මෙහෙයුම් අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ප්‍රමුඛ පෙලේ ගෝලීය තාක්‍ෂණික සමාගමක්වන HCL Technologies ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ඒ අනුව මෙරට පළමු මාස 18ක කාලය තුළ නවක හා පළපුරුදු වෘත්තිකයන් යන දෙපාර්ශ්වයටම මෙරට නව රැකියා අවස්ථා 1,500කට අධික ප්‍රමාණයක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

ලොව ප්‍රමුඛතම තාක්ෂණ සමාගමක් වන HCL Technologies ශ්‍රී ලංකාවේ මූලාරම්භයන්හි නියැලීමට සූදානම් බව දැනුම් දීමට ලැබීම ඉතා සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සිය ගෝලීය ඛෙදාහැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ඉදි කිරීම HCLසමාගමේ දැක්ම සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් ගත් සුවිශේෂී පියවරකි. මෙරට ජනතාවට රැකියා අවස්ථාවන් උත්පාදනය කිරීමට HCLසමාගමට හැකි වනු ඇතැයි මා බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාවේ ජනතාවට මෙරට කාර්ය පරිසරයක් තුළ ගෝලීය කාර්යයන් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

අපි මේ පිළිබඳ ඉතා සතුටට පත්වන අතර තවත් සමාගම් ගණනාවක් සඳහා තොරතුරු තාක්ෂණ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නැඟී එනු ඇතැයි මා බලාපොරොත්තු වනවා යනුවෙන් සඳහන් කළේය.

HCL Technologies හි සමූහ උපසභාපති ශ්‍රීමතී ශිවශංකර් මහත්මිය අදහස් දක්වමින් මෙම කලාපයේ අපගේ මෙහෙයුම් දැනටමත් ආරම්භ වී තිබීමෙන් අපි ඉතා සතුටට පත්වනවා වගේම ශ්‍රී ලංකාවේ ඉහළ නිපුනත්වයෙන් යුත් දක්ෂ පුද්ගලයින් සමඟ සම්බන්ධ වී, ඔවුන් සේවය පිණිස රටින් පිටව යනු වෙනුවට, ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සමාගමක් සමඟ සම්බන්ධව සේවය කිරීමේ අවස්ථාව ඔවුන්ගේ දොරකඩට රැගෙන යමින් ඔවුන් හා සම්බන්ධවීමට බලාපොරොත්තු වනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි අපගේ ඛෙදාහැරීමේ මධ්‍යස්ථානය Fortune 500 ක් හා Global 2000 කට අයත් සේවාදායකින්ට හා ලොව පුරා හවුල්කරුවන්ට සේවය සැපයීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත යනුවෙන් පැවැසුවාය.

HCL හි මෙරට ආයතනය වනHCL Technologies Lanka පුද්ගලික සමාගම දියත් කිරීම සඳහා 2020 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ආයෝජනය මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත් අතර මෙම කළාපය තුළ HCL සමාගමේ පළමු ඛෙදාහැරීමේ මධ්‍යස්ථානයද එයයි. HCL මෙම ආයතනය හරහා මෘදුකාංග යෙදුම් හා පද්ධති ඒකාබද්ධ කිරීමේ සේවා හා යටිතල පහසුකම් සේවා යන ක්ෂේත්‍ර ඔස්සේ ගෝලීය සේවාදායකයින්ට සේවාවන් සපයනු ඇත.

HCL ආයතනය වර්ධනය ඉහළ නැංවීම සඳහා දේශිය කුසලතා සංචිතය සංවර්ධනය හා පුහුණු කිරීම සඳහා දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ ඉංජිනේරු ආයතන සමඟ සක්‍රීයව සහයෝගයෙන් කටයුතු කරමින් එහි කාර්ය ඒකාබද්ධ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.

උසස් පෙළA/L සිසුන්, උසස් ජාතික ඩිප්ලෝමා(HND) සිසුන් HCL ESOFT පුහුණු කිරීමේ හා බඳවාගැනීමේ වැඩසටහන හරහා නවකයින් ලෙස අනුයුක්ත කිරීම කෙරෙහි HCL අවධානය යොමු කිරීමට නියමිතය.

දේශිය ශ්‍රම බලකායට ඔවුන්ගේ උපන් භූමිය තුළ රැඳී සිටිමින් කාර්යයේ නියැලීමට උපකාරය ලබාදෙන අතරතුර විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවතත් මව් රටට පැමිණ මෙම පරිවර්තනීය ගමනේ කොටසක් වීමට ආරාධනා කරනු ඇත.

එමෙන්ම සමාගම ආයතනික පිරමීඩය වෙනසකට ලක්කිරීමේ හා ඉදිරිපෙළ සම්බන්ධ කිරීම, සක්‍රීය ideapreneurship කිරීම හා සවිබල ගැන්වීමේ මූලික විශ්වාසය මත පදනම් වූ සිය HCL Technologies සංස්කෘතියද හඳුන්වාදෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *