හොන්ඩුරාස් ජනපතිට කොරෝනා

(කොළඹ, ලංකාපුවත්) –හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ජනාධිපතිවරයාගේ බිරිඳට සහ ඔහුගේ සහායකයන් දෙදෙනෙකුටද මෙම වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය බදාදා ජනාධිපතිවරයා නිවුමෝනියා රෝගී තත්ත්වයෙන් පෙළිම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවක, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පරීක්‍ෂණයෙන් වෛරසය ආසාදනය වී ඇති බව සනාථ වී ඇති බව සදහන්වේ.

එරට සෞඛ්‍ය වෛද්‍ය ෆ්‍රැන්සිස් කොන්ටෙරාස් රූපවාහිනියට ප්‍රකාශයක් කරමින් කියා සදහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වය යහපත් බවයි.

ජනාධිපතිවරයා ස්වයං නිරෝධානයට යොමු වී සිටි නමුත් නිවසේ රැඳී සිටිනවාට වඩා රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සුදුසු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව හොන්ඩුරාස් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9000 කට අධික වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *