(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංචිපානි ඉම්රාන් ගේ පියාට මාළිගාවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇණ තුවාල සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.
ඊයේ(17) සවස මෙම සිදුවීම සිදුවී ඇත. තුවාලකරු මේ වන විට රෝහල් ගත කොට තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද සදහන්වේ.