පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව 2018.01.01 දින සිට මෙය බලාත්මකවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *