රථවාහන දඩ මුදල් ගෙවීමට තවත් අතිරේක සහන කාලයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා පොලිසිය විසින් පෙබරවාරි මස 16 දින හෝ එම දිනෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට ජුනි මස 30 දන්වා සහන කාලයක් ලබා දීමට රජය කටයුතු කර ඇත.

ඒ අනුව 2020 පෙබරවාරි මස 16 සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමඟ ගෙවීමට හැකියාව පවතී.

මෙම දඩමුදල් දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *