පාඨලීට – වැලිකඩ පොලීසියේ හිටපු OICට අධිචෝදනා

(කොළඹ, ලංකාපුවත්) –හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හා වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහිව වෙන් වෙන්ව අධි චෝදනා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදි තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හා වැලිකඩ පොලීසියේ හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඔවුන්ට වෙන් වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දුන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාය.

මේ පිළිබඳ විමර්ශන සිදු කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඇති බවයි.

උපදෙස් ලබා ගැනීම සඳහා විමර්ශන ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට ගොනුකර ඇති බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර සිටින පාඨලී චම්පික රණවක හා සුදත් අස්මඩල යන අයට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 2 වනදා යළි කැදවීමට නියෝග කෙරුණි. එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =