මසකට පසු ඕස්ට්‍රේලියාවෙන් පුද්ගල මරණයක්

(කොළඹ, ලංකාපුවත්) – ඕස්ට්‍රේලියාවෙන් මාසයකට පසු කොරෝනා වෛරස් මරණයක් ඊයේ දිනය තුළදී වාර්තා වී ඇත.

ඒ අනුව එරට වෛරස් මරණ සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ බලධාරීන් පවසන්නේ වයස අවුරුදු 80ක පමණ පුද්ගලයෙක් රාත්‍රී කාලයේ දී මිය මෙලෙස මිය ගොස් ඇති බවය.

බ්ලැක්ලයිව්ස් මැටර් විරෝධතා උත්සන්නවීමත් ඇතැම් ප්‍රාන්ත තුළ සංචරණ සීමා ලිහිල් කිරීමත් හේතුවෙන් වෛරස ආසාදනය නැවත වරක් හිස ඔසවා ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 7500 ඉක්මවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *