මෙරට කොරෝනා ආසාදිතයින් 1998ක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – අද (24) සවස 4.00 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇතැයි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළ ගොස් තිබේ.

අද හඳුනාගත් ආසාදිතයින් හත් දෙනා අමෙරිකාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වේ.

එම ආසාදිතයින් 7 දෙනා ද සමග ආසාදිතයින් 425 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

එසේම කොවිඩ් ආසාදිතයින්ගෙන් 1562දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 3 =