ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ගල්ෆ් කලාපයට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමාගම ගල්ෆ් කලාපය වෙනුවෙන් සිදු කළ ප‍්‍රථම අපනයනය සාර්ථකව නිම කිරීමට සමත් විය. ගල්ෆ් සහයෝගීතා කලාපයෙන් ලැබුණු ඇණවුමකට අනුව ශීත කළ කුකුළු මස් මෙට්‍්‍රක් ටොන් 30ක ප‍්‍රථම තොගය ඕමාන් රාජ්‍යයේ අල් හමාදි ටේ‍්‍රඩින් වෙත අපනයනය කිරීම පසුගියදා සිදු විය.

ක‍්‍රිස්බ්‍රෝ විසින් ගල්ෆ් කලාපය වෙත සිදු කළ අපනයනය පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාර අමෝරේස් සෙලර් මහතා ‘‘ කොවිඞ් 19 වසංගත තත්වයයෙන් පසුව රට එළැඹ ඇති නවතම තත්වයට අපට ඉතා ඉක්මනින් හැඩ ගැසීමට සිදුවෙනවා. පසුගිය කාලයේදී අප මුහුණ දුන් අර්බුද හේතුවෙන් මෙරට අපනයන ආර්ථිකය සඳහා දැඩි බලපැමක් එල්ල වූ අතර ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපගේ අපනයන ප‍්‍රමාණය කිහිප ගුණයකින් වැඩි කර ගත යුතු වෙනවා. මෙවැනි පසුබිමක් තුළ ගුණාත්මක බවින් සහ පෝෂණ ගුණයෙන් අනූන අපගේ ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදනයන් ගල්ෆ් සහයෝගීතා කලාපය වෙත අපනයනය කිරීමට ලැබීම සමාගමක් ලෙසටත් රටක් ලෙසටත් අප ලැබූ ජයග‍්‍රහනයක් ලෙස නිසැකවම සඳහන් කළ හැකියි.

සිය අපනයන උපායමාර්ගය වෙත යොමු වෙමින් මීට ඉහතදී මාලදිවයින වෙත සිය නිෂ්පාදන අපනයනය කිරීමට සමත් වූ ක‍්‍රිස්බ්‍රෝ , ගල්ෆ් සහයෝගීතා කලාපය වෙත සිය අපනයනයන් ප‍්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම තුළ ඩොලර් මිලියන 2.8ක් වටිනා අපනයන වෙළෙඳපොළක් සඳහා ශ‍්‍රී ලංකාවේ ගුණාත්මක කුකුළු මස් නිෂ්පාදනයන්ට දොරටු විවර වේ.

මුළුමනින්ම දේශිය සමාගමක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ මෙරට ග‍්‍රාමීය ආර්ථිකය සහ ජනජීවිතය සවිබල ගැන්වීම සඳහා සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සියල්ල නිර්මාණය කර ඇත. සිය ආයතනික සමාජවගකීම් වැඩසටහන් අතරට අයත් වන දිරිසවිය, ප‍්‍රජා අරුණ, ග‍්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා සෘජු දායකත්වයක් ලබා දෙන අතර මධ්‍යම පළාත, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාතේ බඩ ඉරි`ගු සහ කුඩා කුකුළු ගොවිපළ හිමියන් විශාල සංඛ්‍යාවකට මෙම ව්‍යාපෘති හරහා වෙළෙඳපොළ සහ නව තාක්ෂණය මෙන්ම ව්‍යාපාරික දැනුම ලබා දීමට ක‍්‍රිස්බ්‍රෝ කටයුතු කර ඇත.

ජාත්‍යන්තර තලයේ ජයග‍්‍රහණ ලබා ගත හැකි නමුත් කිසිවකුගේ අවධානය හෝ සහයෝගය නොලැබූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හඳුනා ගනිමින් ඔවුන්ට සහයෝගය දැක්වීම ක‍්‍රිස්බ්‍රෝ නෙක්ස්ට් චෑම්ප් ^Crysbro Next Champ& හි ප‍්‍රමුඛතම අරමුණ වන අතර දිවයින පුරා විසිරී සිටින දක්ෂ තරුණ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගනිමින් ඔවුන්ට අවශ්‍ය මගපෙන්වීම, පුහුණුව, ආහාර රටාවන් පිලිබඳ උපදෙස් ලබාදෙමින් ඔවුන් ජාතික තලයට ඔසාවා තැබීම මෙම ව්‍යාපෘතිය තුළින් සිදු කෙරේ.

‘‘ සිසු දිරිය” මගින් පාසැල් සිසුසුවියන්ට පොත්පත් සැපයීම සහ විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපනය ලැබු සිසුන් පිරිසකට ප‍්‍රතිලාභ අත්කර දී ඇත. එසේම ප‍්‍රජා අරුණ මගින් නිවාස 34 ක් අලූතින්ම සාදා දී ඇති අතර නිවාස 80 ක් පිළිසකර කර දී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ හරිත සත්කාර ව්‍යාපෘතිය මගින් පැළ 5000 ක් සිටුවමින් ක‍්‍රිස්බ්‍රෝ පරිසර හිතකාමී බව මුළු ලෝකයටම පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *