සෙනසුරාදා කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන සෙනසුරාදා (27) කොළඹ 13, 14 හා 15 යන ප්‍රදේශවලට රාත්‍රී 10.00 සිට ජූනි 28 වන ඉරිදා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

තවද එම කාළසීමාව තුල කොළඹ 01 – 11සහ 12 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මහ කොළඹ ජල හා අපජල කළමණාකරණ වැඩිදියුණු කිරිමේ වැඩසටහන යටතේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තුවක් මෙම ජල කප්පාදුවට හේතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *