පී.සී.ආර්. පරීක්ෂණවලට රජය කෝටි 65ක් වියදම් කරයි

(කොළඹ, ලංකාපුවත්) –පී. සී. ආර්. පරීක්ෂණ සඳහා පමණක් රජය මේ වන විට රුපියල් කෝටි හැටපහකට වැඩි මුදලක් වැය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙරට තුළ මේ වන විට පී. සී. ආර්. පරීක්ෂණ ලක්ෂය ඉක්මවා සිදු කර ඇති බවත්, එම පරීක්ෂණ ඉතා සාර්ථකව සිදුකළ බවත් ඇය අවධාරණය කළාය.

කොරෝනා ‍වංසගතය හඳුනාගැනීම සඳහා ලොව භාවිතා කරන සාර්ථකම ක්‍රමය මෙය වන බවත් ශ්‍රී ලංකාව තුළදී එක් පුද්ගලයකුට මෙම පරීක්ෂණ සිදුකිරීම සඳහා රුපියල් හයදහස් පන්සීයක පමණ මුදලක් වැය වන බවත් වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

නැ‍ඟෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කර ඇති ඒකකයේදී දිනකට පී. සී. ආර්. පරීක්ෂණ පන්සියයක් පමණ සිදු කරන බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේම පුද්ගලයින් ආවරණය වන පරිදි මෙම පරීක්ෂණය සිදු කරන බවත් ඇය කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 5 =