පොප් රජුගේ දියණිය පියාගේ ගෞරවනීය මතකය සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් මිය ගොස් වසර 11ක් සපිරේ.

ඇමෙරිකාවේ ඉපිද වෘතියෙන් ගායකයෙකු,ගීත රචකයෙකු,නර්තන ශිල්පියෙකු,රංගන ශිල්පියෙකු,වශයෙන්ද එසේම දානපතියෙකු වශයෙන් මිය යන තෙක්ම කටයුතු කල අතර ඔහුගේ ගායනමය, නර්තනමය හැකියාවන් හා විලාසිතා නිසාද,ඔහුගේ ප්‍රසිද්ධියට පත් පෞද්ගලික ජිවිතය නිසාද,ලෝකයේ ඉමහත් ජනාදරයට හා ප්‍රසිද්ධයට පත් විය.

පොප් රජුගේ 11වැනි මරණ සංවත්සරය වෙනුවෙන් ඔහුගේ දියණිය පැරිස් ජැක්සන්, ඔහුව ඉතා ගෞරවයෙන් සිහිපත් කිරීම සිදු කරන ලදි.

ඇය සිය පියාගේ ඡායාරූප පෙළක් සමඟ සමාජ මාධ්‍ය සටහනක් තබා තිබේ. “සෑම මිනිසෙකුගේම ජීවිතය අවසන් වන්නේ එකම ආකාරයටයි. ඔහු ජීවත් වූ ආකාරය සහ ඔහු මිය ගිය ආකාරය පිළිබඳ විස්තර පමණක් එක් මිනිසෙකු තවත් මිනිසෙකුගෙන් වෙන්කර හඳුනාගත හැකිය” යනුවෙන් ද උපුටා දැක්වීමක් ඇගේ ලිපියේ ඇතුලත්ය.

2009 ජුනි 25 වන දින ලොස් ඇන්ජලීස් හි හොල්ම්බි හිල්ස් හි පිහිටි මයිකල් ජැක්සන්ගේ මන්දිරයේ දී මිය ගොස් තිබුණි. ජැක්සන්ගේ දේහය 2009 සැප්තැම්බර් 3 වන දින කැලිෆෝනියාවේ ග්ලෙන්ඩේල් හි ෆොරස්ට් ලෝන් අනුස්මරණ උද්‍යානයේදී තැන්පත් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =