ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඊයේ(28) සිට දිවයින පුරා ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි.

පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × four =