කරච්චි කොටස් වෙළෙඳපොළට ප්‍රහාරයක්

(කොළඹ, ලංකාපුවත්) – කරච්චි නගරයේ පිහිටි පකිස්ථාන කොටස් හුවමාරු ගොඩනැගිල්ලට තුවක්කුකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ආරක්ෂක භටයන් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු සමඟ ප්‍රහාරකයින් සිව් දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව මේවන විට වාර්තාවේ.

තුවක්කුකරුවන් අද උදෑසන අත්බෝම්බ සහ තුවක්කු වලින් කොටස් හුවමාරු භූමියට පහර දුන් බව මාධ්‍ය වාර්තා කරයි. මෙම ගොඩනැගිල්ල අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති අතර බොහෝ පෞද්ගලික බැංකුවල ප්‍රධාන කාර්යාලද ඇතැයි සදහන්වේ.

කරච්චි පොලිස් ප්‍රධානී ගුලාම් නබි මේමන් රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ “ප්‍රහාරකයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන් මෝටර් රථයකින් පැමිණ ඇති” බවයි.

එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෂෂියා ජෙහාන් පැවසුවේ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම ද කැඳවා ඇති බවයි.

මෙම වෙඩි හුවමාරුවේ ශබ්දය අන්තර්ජාලය හරහා හුවමාරුවන වීඩියෝ කිහිපයකින් ද දක්නට ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 7 =