රට බෙදීමට කුමන්ත්‍රණකරුවන් ගෙන යන වැඩපිළිවෙළ තවමත් අත්හැර නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණකරුවන් යුද්ධයෙන් රට බෙදීමට ගත් උත්සාහය වෙන අයුරකින් සිදු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ අත්හැර නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

2015 දී බලයට පත් යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තරයට අවශ්‍ය ආකාරයට රට බෙදීමට පිඹුරුපත් සකස් කළ බවත්, 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ එය වැළැකී ගිය බවත් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (28) පැවැසීය.

“ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණ පරාජය කරමු” යන මැයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.

2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගේ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය ඉටු කරන්න තවමත් කැසකවමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *