MCC ගිවිසුම සාමාලෝචන වාර්තාව මහජන දැනගැනීමට ප්‍රසිද්ධ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –සහශ්‍රක අභියෝග සමායතන ව්‍යාපෘතිය හෙවත් එම්.සී.සී. ගිවිසුම පිළිබඳ කරුණු විමර්ශනය කිරීමට පත් කරන ලද සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව එම වාර්තාව www.president.gov.lk, www.presidentsoffice.lk, www.pmdnews.lk වෙබ් අඩවි ඔස්සේ මහජනතාවට පරිශීලනය කළ හැකි බව ජනාධිපති කාර්යාලය පැවසීය.

එම්.සී.සී. ව්‍යාපෘතිය සමලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද්දේ මෙම වසරේ ජනවාරි මස පළමුවැනිදාය.ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරුන් එහි සෙසු සාමාජිකයෝ වූහ.

මෙම කමිටුවේ අවසන් වාර්තාව මෙම මස 25 වැනිදා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත බාරදෙන ලද අතර කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැනගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන්නැයි ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාට එදිනම උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *